එස්.එල්.පී.එල්. තරගාවලිය හෙට සිට


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) හෙට (11) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල සහ ලසිත් මාලිංග මෙහෙයවන රුහුණ රෝයල් පිල අතර තරගය හෙට පස්වරු 4.00 ට ආරම්භ වේ. තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක‍්‍රිකට් දන්ඩි පිල සහ සනත් ජයසූරිය මෙහෙයවන කඳුරට වෝරියස් පිල අතර තරගය හෙට රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.