එස්.එල්.පී.එල්. අවසන් මහ තරගය හෙට
එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගය තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර හෙට (31) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් තරගාවලි නීති රීති වලට අනුව දෙපිලට සම ශූරතාව හිමිවේ.

