එස් එම් රංජිත් උතුරුමැද මහ ඇමති?
සැප්තැම්බර් අට වැනිදා පළාත් සභා ඡන්දයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගත් එස් එම් රංජිත් මහතා ලබන සඳුදා උතුරුමැද මහ ඇමති වශයෙන් මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
මේ අතර ඔහුගේ සොයුරු වනජීවි හා ගොවිජන සේවා ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා සිය පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මහින්ද රාජපක්ෂ ජනපතිට යැවීය.
සහෝදරයන් දෙදෙනෙකු එවැනි තනතුරු දැරීම නුසුදුසුය යන පදනම මත ඔහු ඉල්ලා අස්වූ බව දැනගන්නට ඇත.
දෙවරක්ම උතුරුමැද මහ ඇමති වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා මෙවර මනාප සටණින් රංජිත් මහතාට පරාජය විය.
සබරගමුව මහා ඇමැතිවශයෙන් මහීපාල හේරත් මහතා දිවුරුම් දීමට නියමිතය.

