එවන්ස් කුරේ ලන්ඩනයේ දී කළුරිය කරයි


රණසිංහ ප්‍රේමදාස අභාවප්‍රාප්ත ජනපතිගේ මාධ්‍ය ලේකම් එවන්ස් ගුණලාල් කුරේ (76) අභාවප්‍රාප්ත විය. ප්‍රවෘත්ති නිලධරයකු ලෙස ජනපති කාර්ය මණ්ඩලයට ඇතුළු වූ ඔහු ජනපති රණසිංහ ප්‍රේමදාස ආමර්වීදියේ දී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වූ දිනයේ දිවි බේරා ගත්තේ හාස්කමකින් මෙනි. පසුව ඔහු ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ සේවයට ගොස් ලන්ඩනයේ පදිංචි විය.