එම් .සී.සී කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට


(අජන්ත කුමාර අගලකඩ)

සහශ්‍ර අභියෝගිතා ගිවිසුම (එම් .සී.සී) ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (01) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇත.

කමිටු වාර්තාව සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා එහිදී ඇමැතිවරුන්ට දැනුම් දුන් බවද වාර්තා වේ.

එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කරන ලද ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සහභාගිත්වයෙන් යුතු කමිටුව සිය වාර්තාව ජනාධිපතිවරයාට ඉකුත් දා බාරදී තිබිණි.