එප්පාවල රාහුලෙත් 195 හපනෙක්


(තිසර සමල්)

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 195 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුව සමත්ව ඇත.

එප්පාවල, ඇඳගල, මීහිදුපුර පදිංචි ඩී.එම් සස්විදු පූජාන දිසානායක සිසුවා තම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීය,

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මම මුහුණ දීලා ලකුණු 195 ක් ලබා ගත්තා, මම එදිනෙදා පාසල් වැඩ කටයුතු එදිනෙදාම කළා, ගොඩක් පාඩම් කළෙත් නෑ, සාමාන්‍යය විදිහට පාඩම් කලේ, ක්‍රිඩාත් කළා.විදුලිය කපපු වෙලාවල් වලට මම ටෝච් එකෙන් තමයි පාඩම් කලේ, මගේ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙලා රටට සේවය කරන්න, මට මගේ අම්මා,තාත්තා, ලොකු තාත්තා මට ගොඩක් උපකාර කළා, මට 1 වසරේ සිට 05 වසර දක්වා උගන්වපු ගුරුවරුන් මට මේ ලකුණු ප්‍රමාණය ගන්න උදව් කළා