එන්නත්කරණය වේගවත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්


(සුජිත් හේවාජුලිගේ )

වයස අවුරුදු විස්සෙන් ඉහළ  අයට  ලබාදීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා එන්නත් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

මේ අනුව එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේය.

මේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්   පුළුල්ව දායක කරගත යුතු බවද  හෙතෙම සඳහන් කළේය.