(අංජුල මහීක වීරරත්න)
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගලදී අද (29) පස්වරුවේ විවෘත කෙරිණි.
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ “ v 2025” දැක්ම යටතේ ග්‍රාමීය ව්‍යවසායකයන්ට අත දීම මූලික අරමුණ කරගෙන එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වේ.
රජය සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශණ කුටි 512 කින් සමන්විත ප්‍රදර්ශණය කලාප 12 කින් යුක්ත වන අතර අක්කර 22ක භූමියක ව්‍යාප්තව පවතී.
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශණය විවෘත කිරිමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශණ කුටි නැරඹීමටද එක්විය.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරන මෙම ප්‍රදර්ශණය ලබන 31 වැනිදා තෙක් පැවැත්වේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය පරිපාලන සහ නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර, නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.