මොරටුව විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨ සිසුන් හා ජාතික තාක්ෂණ ඩිප්ලෝමා සිසුන් අතර පැවැති ගැටුම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගත කර සිටි තෙවන සැකකරු සුරේෂ් රොෂාන් මොරටුව මහේස්ත්‍රාත් බී.ආර්.ඒ සෝමසිංහ මහතා විසින් රුපියල් පන්දහසක මුදල් හා රුපියල් විසිදහසක ශරීර ඇපයක් මත මුදා හරිනු ලැබීය. සෙසු සැකකරුවන් වන සනෝජ් උදාර කරුණාරත්න, වික්‍රමආරච්චි දිසානායක සහ සාලිය මධුරංග යන තිදෙනා ලබන 15 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

