එදා පූස් පැටියා අද වීරයෙක්


පළාත් සභා පිහිටැවීම සඳහා ඉන්දියා රජයේද අනුග‍්‍රහය ලබද්දී එදා පූස් පැටවකු සේ සිටි විමල් වීරවංශ ඇමැති අද වීරයකු සේ පළාත් සභා එපා යැයි කෑ ගැසීම විහිළුවක්. සන්ධානයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී උදිත් අනුරාධ මහතා දඹුල්ලේ කලෝගහඇළ රැස්වීමකදී පැවැසීය. ජනතා විමුක්ති පෙරමුණ පාවාදී අද අලූත් පක්‍ෂයක් හදාගෙන ජනාධිපතිතුමාට පින් සිදුවන්නට අද ඇමැති කමක් ද ලබා පළාත් සභා එපා යැයි කියනුයේ ලැජ්ජා නැති කමට බවද ඔහු කීවේය.