නියඟය අවසන් කොට ගොවිතැනට ප‍්‍රමාණවත් වැසිද රෝග බිය දුරුකොට බත බුලතින් සරුවී සෞභාග්‍ය ද පතමින් පානම්පත්තු වැසියෝ මේ වසරේ ද ඉපැරැණි අංකෙළිය පැරැණි සිරිතට පවත්වති. පසුගිය 17 ඇරැඹූ මේ උත්සවය පානම ඓතිහාසික පත්තිනි මහා දේවලයේදී ලබන 31 වැනිදා තෙක් පැවැත්වේ.
කතරගම ඔකඳ ඇසළ උළෙල අවසානයේ අංකෙළිය ඇරැඹේ.
පානම්පත්තුවේ ජීවත්වන සිංහල ජනතාව ඉතා උනන්දුවෙන් උද්‍යෝගයෙන් හා භක්තියකින් යුතුව මෙම ආගමික උත්සවය පවත්වති. අංකෙළිය අතීතයේ සිට පැවත එන කී‍්‍රඩාවක් මෙන්ම ආගමික මුහුණුවරක් ගන්නා උත්සවයකි.
කතරගම දෙවියන් හා වල්ලිඅම්මාත් සමග අලූත් බණ්ඩාර දෙවියන් හා පත්තිනි දෙවියන් පානම ඔකඳට ගොඩ බැස එතැනින් කතරගම දෙවියන් හා වල්ලිඅම්මා කතරගම දෙසට ගිය අතර අලූත් බණ්ඩාර දෙවියන් හා පත්තිනි දෙවියන් පානම් අම්පිටිය නැමැති ප‍්‍රදේශයට පැමිණ සිටි බව මෙහි පැරන්නන් ගේ මතය වී තිබේ.
අලූත් දෙවියෝ හා පත්තිනි දෙවියෝ උයන්වැදි මල් නෙළති. දිනක් මල් කඩන කෙකි දෙක එකඑ පැටලිණි එහිදී මෙම දෙදෙනා කෙකි බේරා ගැනීම සඳහා දෙපැත්තට ඇද තිබේ. මෙම දෙදෙනාගේ මෙම පටලැවිල්ලට අවට සිටි පිරිස්ගේ උසුලූ විසුලූ විනෝදයට උපහාසයට ලක්වී තිබේ. අලූත් බණ්ඩාර දෙවියන්ගේ ඉතා ශක්තිමත් තෝර කෙක්ක කැඞීයාම කවුරුත් පුදමයට පත් වී තිබේ. මෙම හේතුව පදනම් කරගෙන අංකෙළි උත්සවය ඇරඹු බවට පානම් පත්තුවේ වැසියන්ගේ මතයයි.
අං ඇදීමට පළමුවෙන් හොඳ නැකත් බලා ඉන් අනතුරුව අඩි පහක් (5 හෝ අඩි හයක් 6 )ගැඹුරු ඇති වළක් කපා සත්රියන් හෝ නවරියන් කැකුණ හෝ වෙනයම් ශක්තිමත් කඳක් මුල් කෙලවර ඉහළට සිටින සේ සිටුවනු ලැබේ. මෙම කඳට හෙන කඳ කියති. හෙනකඳ මුදුනේ මුදුන සුදු රෙද්දක් බැඳ පුවක් මලක් බඳිති. එය වලීමල ලෙස හඳුන්වති.
හෙන කඳට අඩි පහළොවකට පමණ දුරින් සවිමත් කණුවක් සිටුවා ගනු ලබයි. එයට අත්ගහා ලෙස හඳුන්වති. ඉන් අනතුරුව කලවැල් උපයෝගී කරගෙන යොත් දෙකක් ගොතනු ලැබේ. ඊට පෙරැුහැ යැයි කියති.
පෙරැුහැ සම්බන්ධ කොට වරමලින් ගොතන ලද වාරම නම් තවත් දිගැටි යොත් දෙකක් උඩ පැත්තට වෙන්න බඳිති. එසේම වෙළුම නමින් වාරමට සන්ධිකරන වළලූ දෙකක් ද පෙර හැටන් වරමටත් අතර රුකු පොල්ල නමින් ශක්තිමත් ලී දෙකක් ද ඇත.
අං බැලීම සඳහා යොදාගනු ලබන අන්දර නමැති ශක්තිමත් ගස්වල වක් වූ මුල්ය. මෙහි නැමුණු අගට වකාර ලෙසත් තරමක් නැමුණු අගට පැල්ල ලෙසත් හැඳින් වේ.
අං කෙළියේදී වෙළුම, කර, බැම්ම හැඩය හා තොන්ඩුව යන පාර්ශවය ගැන වැඩි සැලකිල්ලක් දක්වති.
කණ්ඩායම් දෙකෙහිම අං එක සමාන විය යුතු අතර උඩුපිල වකාරයත් බඳින්නේ නම් යම් විලත් වකාරයත් බැඳීම අනිවාර්යෙන්ම කළ යුතුය. මෙසේ ගනු ලබන අං වල තොණ්ඩුව නම් කොටසේ මුතු වේළු පොල්ල නමින් ශක්තිමත් ලී කැබැල්ලක් තබා නොලිස්සනාසේ ඉතා තදින් බැඳ වෙළුම සම්බන්ධ කොට දෙපැත්තේ අං දෙක අගට සම්බන්ධ වන සේ හිරකොට දෙපස වාරම්වලට බඳිනු ලැබේ. අං ඇඳීමේ කී‍්‍රඩාවේදී යටත් පිරිසෙන් එක් අඟකට සයදෙනා බැගින්වත් සිටිය යුතුය. මේ සඳහා උඩුපිල හා යටිපිල යන දෙපක්‍ෂයට තෝරාගනු ලබන්නේ ඉතා ශක්තිමත් අය වෙති. ඔවුන්ගේ හැකියාව හා දක්‍ෂතාව අනුව එක කණ්ඩායමක ඉරණම තීරණය වේ.
අං කෙළියේ යෙදෙන්නන් අලූත් දෙවියෝ උඩුපිල වශයෙන් හා පත්තිනි දෙවියෝ යටිපිල වශයෙන් යෙදෙති.
පත්තිනි දෙවියන්ගේ යටිපිල දිනුවොත් සෞභාග්‍ය උදාවන බව පානම ගැමියෝ අදත් විශ්වාස කරති.
අං කෙළිය අවසානයේ කපුරාල විසින් ජයගත් අඟ සුදු රෙදිවලින් ඔතා වියනක් යට යමින් ගෙනයමින් පැරදුන පිලේ අයට ගරහමින් බොහෝ වේලාවක් නටති. පත්තිනි දේවාලයේ දින පහළොවක්ම පූජාවන් පැවැත්වෙන කාලය තුළදී කාන්තාවන්ට අං කෙළිය නැරඹීමට ලැබෙන්නේ මෙම උත්සවය අවසාන දිනයේදී පමනකි.
අං කෙළි උත්සවයෙන් පසු ජයග‍්‍රහණය කළ අං හා පත්තිනි දේවියගේ පිළිරුව රැුගෙන පෙරහැරින් ගම පුරා සංචාරය කරනු ලබයි. මෙහිදී ගම්වැසියන් බාර හාර ද ඉටුකරනු ලබයි. පෙරහැරින් ගම පුරා යමින් ගමට හා ජීවත් වන වැසියන්ට සෙත් ශාන්තිය පතන අතර යටිපිල හෙවත් පත්තිනි දේවියගේ පිල ජයගැනීම ගමට කිසිම අනතුරක් නොවී ලෙඩ දුක් නොමැතිව සෞභාග්‍යයක් බව ගම්වාසීහු විශ්වාස කරති. 31 දින අලූයම මුහුදේ දිය කැපීමෙන් අනතුරුව අං කෙළි උත්සවය හමාර කෙරෙති.

. අං කෙළිය සඳහා සුභ නැකතින් හෙනකඳ සිටුවීමට පෙර

. හෙන කඳට පූජාවන් පැවැත්වීම

. හෙන කඳ වලට දැමීම සඳහා පත්තිනි දෙවියන්ගෙන් වරම් ලබාගැනීම.

.හෙන කඳ වලට දමා සුදුරෙදි කැබැල්ලකින් වසා වලීමල බැලීම

. පත්තිනි දේවාලය (යටිපිල) හා අලූත් දෙවියන් (උඩුපිල) යන දේවාල දෙක

. හෙන කඳ හා අන්ගහ ඡායාරූප දැක්වේ.

. මෙහි තමයි අං බැඳීම සිදුවන්නේ.

.
කලවැල් ගෙන පදන්කර පෙරස් සූදානම් කරන අයුරු.

.
අං කෙළිය සඳහා අං තේරීම

.
අං බඳින අයුරු.
.

. හෙන කඳට පෙරස් දැමීම.

.
අං කෙළියට සූදානම් කරන අං පිල් දෙකෙහිම එක සමානද යන්න පිල් දෙක පරීක්‍ෂා කරන අයුරු.

.
උඩු පිල හා යටි පිල විසින් අං ඇදීම සඳහා කෙකි දෙක දමන අයුරු දැක්වේ අං අදින අයුරු දැක්වේ.

.
ජයග‍්‍රහණය කළ කණ්ඩායම පරාදවූ පිලට උසුලූ විසුලූ කරමින් විනෝද වෙන අයුරු.