එතනෝල් ආනයනය නවත්වයි


(දසුන් රාජපක්ෂ) 

මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල්  ආනයනය කිරීම  අද (01)  සිට වහාම ක්‍රියාත්මක පරිදි  තහනම් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

දේශීයව එතනෝල් බහුලව නිෂ්පාදනය  කරන  බැවින් ඒවාට අදාළ කර්මාන්තය ආරක්ෂා කිරීම සදහා මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මුදල්, ආර්ථික, හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයක් මත ගෙන ඇති මෙම තීරණය අද (1) සිට ක්‍රියාත්මකය.