එඩිංබරා සරසවියෙත් සර්වඥධාතු ප‍්‍රදර්ශන
ස්කොට්ලන්තයේ එඩිංබරා විශ්වවිද්‍යාලයේදී ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා ප‍්‍රදර්ශනයක් ලබන 14-16 දිනයන්හි උදෑසන 10 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වීමට යයි.
මෙහි සමාරම්භක උත්සවය මෙම සිකුරාදා රාත‍්‍රි හතට ඇරඹෙනන අතර ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා පිළිගැනීම එඩිංබරා නගරාධිපති සහ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය තිමතිඔෂෙයා බාරව සිටිති. ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ බෞද්ධ උපදේශක කඹුරාවල සිරි රේවත නාහිමියෝ මෛත‍්‍රී භාවනාවේ ප‍්‍රායෝගික වැදගත්කම පිළිබඳ දේශනාවක්ද පවත්වති.

