(නිමල කොඩිතුවක්කු)
විශේෂ හමුවක් සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම ආසන සංවිධායකවරුන් හෙට (21) කොළඹට කැඳවීමට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා තීරණය කර තිබේ.
ආසන සංවිධායකවරුන්ගේ මෙම හමුව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්නයේ දී හෙට (21) පෙරවරු 10.00ට පැවැත්වේ.
මෙම හමුවේදී ඉදිරි මහමැතිවරණයේ සංවිධායක කටයුතු සහ මැතිවරණ යාන්ත‍්‍රණය මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් ආසන සංවිදායකවරු දැනුවත් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වීමට නියමිතය.
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ සියලූම පළාත් පාළන නියෝජිතයන් ලබන 26 වැනිදා කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයට කැඳවා ඇති බවද වාර්තා වේ.

