උසස් පෙළ ‘‘ඉසෙඞ් ස්කෝර්’’ කඩඉම් අවුල විසඳන ලෙසත් ඒ හේතුවෙන් අසාධාරණයට ලක්වූ සිසුන් වහාම සරසවිවලට බඳවා ගන්නා ලෙසත් රජයට බල කර සිටීමේ උද්ඝෝෂණයක් එක්සත් ජාතික පක්‍ෂයේ, සරසවි යොවුන් පෙරමුණ අද කොළඹ වෝර්ඞ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වීය. පක්‍ෂයේ ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධන හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
