එජාපය 75 උපන් දිනය සමරා ආගමික වතාවත්වල


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයට වසර 75 ක් පිරීම නිමිත්තෙන් ආශිර්වාද පළකිරීමේ ආගමික වැඩසටහනක් රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණි. 

එක්සත් ජාතික පක්ෂයේ බෞද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම ආගමික වැඩසටහන ශ්‍රී කළ්‍යාණ සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛාධිකාරී ලෝක සංඝ සම්මේලනයේ උප සභාපති රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙන් අධ්‍යක්ෂ ආචාර්ය මාඉතිපේ විමලසාර නාහිමිගේ අනුශාසනා පරිදි සිදුකෙරිණි. 

මෙම ආගමික වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපසභාපති සාගල රත්නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය, මහරගම එජාප සංවිධායක නීතීඥ සුදත් ජයසුන්දර, දෙහිවල ගල්කිස්ස එජාප සංවිධායිකා සුනේත්‍රා රණසිංහ යන මහත්ම මහත්මීහූ ප්‍රමුඛ එජාප පළාත් පාලන අයතනවල මහජන නියෝජිතයෝ සහභාගී වූහ.

පිරිවෙන් විහාරස්ථ මහා සංඝරත්නය මෙහිදී එක්සත් ජාතික පක්ෂයට සෙත්පතමින්  ආගමික වැඩසටහන් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ.