2012 දී පන් දහසකට අධික පිරිසක් සමග මිනී පෙට්ටියක් මහපාරේ හරස් කොට ජනාධිපති ආරක්ෂක අංශයේ වෙඩි නොදින වාහනයකට රුපියල් තිස් අට ලක්ෂයක අලාභයක් කළැයි 16 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ඩී එම් ඒ සෙනවිරත්න මහතා ඉදිරියේ අද විභාගයට ගැනිණි.
ප්‍රධාන සැකකරු වන අවිස්සාවේල්ල එජාප සංවිධායක උපුල් වීරසිංහ අධිකරණයට පැමිණ නොසිටියෙන් වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත් වැඩිදුර විභාගය ලබන 24 වැනිදාට කල් තැබිණි.