එජාප රැස්වීම කඩාකප්පල් කළාට විරෝධය


හාලිඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී ජයන්ත කන්නන්ගර මහතාගේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ හෝටලයකට පහර දීමට විරෝධය පළ කරමින් අද එම ස්ථානයේ උද්ඝෝෂණයක් පැවැත්වීය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස ඌව පළාත් සභාවට ඉදිරිපත් වීමට නියමිත බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී හරෙන් ප්‍රාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උදඝෝෂණය පැවැත්විණි.