එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේබණ්ඩාර, වජිර අබේවර්ධන සහ ඒ.එස්.එම් මිස්බාහ් යන මහත්වරුන් පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(13) පියවර ගෙන තිබේ.
ඒ අනුව, පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම්. මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර ඇත.

