එජාප මන්ත්‍රීන් 33කට ශනිදා ආරක්ෂාව නෑ


එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් 33 දෙනකුගේ ගිනි අවි සෙනසුරාදා (1) පාවිච්චි නොකරන ලෙස ඇමැති ආරක්ෂක අංශය එම මන්ත්‍රින්ට ආරක්ෂාව සපයන පොලිස්  නිලධරයනට දන්වා  ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු එජාප මන්ත්‍රීන් පිරිසක් නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතාට පැමිණිලි කළහ. මන්ත්‍රී ආරක්ෂාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ පිරිසකට එක් විදිහකටත් තව පිරිසකට තව විදිහකටත් සලකන්නේ ඇයි දැයි ප්‍රශ්න කළහ.  එවැනි තහනමක් පාර්ලිමේන්තුවෙන් පනවා නැතැයි නියෝජ්‍ය කතානායක පැවැසීය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 42කි.