එජාප මන්ත්‍රීනට මත්තලදී හූ කියති


මත්තල ගුවන් තොටුපොළ බලන්නට අද එහි ගිය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට එහි රැදී සිටි පිරිසක් හූ කියමින් කුණු හරුපයෙන් බැන වැදුණ නමුත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට පොලීසිය හෝ ගුවන්තොටුපළ ආරක්ෂකයෝ නොපැමිණීයහ.

 එක්සත් ජාතික පක්ෂයේ අජිත් මාන්නප්පෙරුම,එරාන් වික්‍රමරත්න, අජිත් පෙරේරා, නලීන් ජයමහ හා ආර් යෝගරාජන් මහත්වරු මේ සිද්ධියට මුහුණ පෑහ.

ගුවන්තොටුපොළ නිලධාරීන් සමඟ ගුවන්තොටේ සැරිසරා තොරතුරු ලබා ගැනීමෙන් පසුව පිටත්ව යෑමට බසයට එද්දී එතැන සිටි පිරිසක් ඔවුනට බාධා කළහ.

ගුවන් තොටුපොළ ගැන බොරු ප්‍රචාර ලෝකයට නොදෙන ලෙස ඔවුහු කීහ.

එම පිරිසේ සිටි ඇතැමෙක් මන්ත්‍රීන්ගේ ඇඟට පවා අත තබනු දැක ගත හැකි විය.

මන්ත්‍රීන් ඔවුනට පැවසුවේ තමන් ආවේ රජයේ ආරාධනයක් අනුව බවයි.