එජාප මන්ත්‍රී පාරෙදි ගෝරි දාලා


එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා බදුරලියේදී මහපාරක් සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරිනියකට බැණ තර්ජනය කර ලිපි ගොනු උදුරා විසි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුරලිය පොලීසියට පැමිණිලි කැර ඇත. ඔහු මාර්ග නිලධාරීන් දෙදෙනෙකුගේම රාජකාරියට බාධා කළැයි පැමිණිල්ලේ දැක්වේ.