එජාප බලයලත් නියෝජිතවරු සිරිකොතට කැඳවති


(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂක කණ්ඩායම් හි බලයලත් නියෝජිතයන්ගේ හමුවක් අද (31) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් රංගේ බණ්ඩාර හා ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරුන් එහිදී පළාත් පාලන මැතිවරණයේ ඉදිරි වැඩ  කටයුතු සම්බන්ධයෙන් නියෝජිත පිරිස දැනුම්වත් කළ බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි