එජාප පළාත් මන්ත‍්‍රී අල්ලනු


මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ලලිත් එදිරිසිංහ මහතාගේ නිවසටද එහි සිටි අයටද වාහනවලටද පහර දුන් බව කියන කණ්ඩායමට අයත් අනුර බුද්ධික ගුණසේකර පළාත් සභා මන්ත‍්‍රී ඇතුළු සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය පොලිසියට නියෝග කළාය. ගුණසේකර මහතා සැප්තැම්බර් අට වැනිදා ඡන්දයෙන් පළාත් සභාවට තේරීපත්විය. එදිරිසිංහ මහතා පරාජය විය.