එජාප නීතිඥ සංගම් වාරණය දික්වෙයි
එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත ජාතික නීතිඥ සංගමයේ නව විධායක මණ්ඩලයට එරෙහිව පැනවූ වාරණය කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසින් ලබන හතර වැනිදා තෙක් දීර්ඝ කැරණි.
වාරණ ඉල්ලා සිටි හිටපු ව්‍යාපෘති ඇමැති මහේන් ගුණසේකර මහතා කියා සිටියේ, මෙම නීතිඥ සංගමයේ නිලධරයන් පත් කිරීම හිතුමතයට කැර ඇති බවයි.
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වගඋත්තරකරුවන් 85 දෙනා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක‍්‍රම් මොහොමඞ් මහතා කරුණු දක්වමින්, මේ නීතිඥ සංගමයට පක්‍ෂයේ අනුමැතිය ලැබී නැතැයි කීවේය.

