එජාප දොස්තර දේපොළ වැනසුවාට පහකට නඩු?
හිටපු තානාපතිවරයකු හා එක්සත් ජාතික පක්‍ෂ කළමනාකාරවරයකු වූ දොස්තර රාජා ජොන් පුල්ලේගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනිතබා රුපියල් කෝටි පහක අලාභහානි කළැයි සැකපිට අධිචෝදනා ලැබූ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පස්දෙනාට අගෝස්තු 24 වැනිදා පෙනී සිටින ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා නියෝග කළේය.
මිහින්තලේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අනිල් පුෂ්පානන්ද, ප‍්‍රසන්න කුමාර බස්නායක, ජේ.එච්. කමල් ගාමිණී ජයසූරිය, ටිරාන් පෙරේරා, ටී.එම්. ඒකනායක ඔවුහුය.

