එජාප කමිටු සාමාජිකයෝ උසාවි නොයති


අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ තීරණයට එරෙහිව පනවා ඇති පෙත්ම සම්බන්ධයෙන් තම පක්ෂයේ කමිටු සාමාජිකයන් අභියාචනාධිකරණයට නොයන බව එක්සත් ජාතික පක්ෂය කියයි.

මේ පෙත්සම බ්‍රහස්පතින්දා ත්‍රිපුද්ගල විනිෂ්ච මණ්ඩලයක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.

කමිටුව හමුවේ පෙනීසිටීමට තේරීම් කාරක සභා සාමාජිකයනට නොතීසි නිකුත් කර ඇත.