ශ්‍රී ජයවර්ධනපුර පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී සිකුරාදා (21) සවස පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවකදී එක්සත්ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා කවුදැයි නිල වශයෙන් ප්‍රකාශ කරන බව පක්ෂ ආරංචි කියයි.
අපේක්ෂකයා සම්බන්ධ අවසන් තීරණය ගැන සාකච්ඡා කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතේ රැස්වීමක්ද කැඳවීමට තීරණය කැර ඇත.

