එකොළහක් එළියට


කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වයඹ පළාත් සභාව නියෝජනය කළ  මන්ත්‍රීවරු 11 දෙනෙක් ඡන්දයේදී පරාජයට පත් වුහ.

අලුතින් 11 දෙනෙක් පත් වුහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිමල් කරුණාතිලක(යාපහුව)ආනන්ද චන්ද්‍රලාල්(යාපහුව),ඒ පී කීර්තිරත්න(ගල්ගමුව),සේනාරත්නද සිල්වා, ෂෙල්ටන් පිරීස් (කුලියාපිටිය),එච් ඩී බී හේරත්(හිරියාල),එක්සත් ජාතික පක්ෂයේ  එම් නසීර් (කුලියාපිටිය)එච් එම් අලෙවි(කටුගම්පොළ),මංජුල බණ්ඩාර (වාරියපොළ) මුස්ලිම් කොංග්‍රසයේ  මොහොමඩ් තස්ලිම් (කුරුණෑගල) සහ ජනතා විමුක්ති පෙරමුණේ නිමල් හේරත්(නිකවැරටිය) පරාජයට පත් වුහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දයාසිරි ජයසේකර (පඩුවස්නුවර)ජෙහාන් ප්‍රනාන්දු (කුරුණෑගල),රෝහණ බස්නායක (දඹදෙණිය),අශෝක පේමදාස(මාවතගම),චන්ද්‍ර කමලසිරි(බිංගිරිය) එක්සත් ජාතික පක්ෂයේ ප්‍රීතී මොහාන් පෙරේරා(ගල්ගමුව),අසංක සුධිර පෙරේරා (කටුගම්පළ)එම් එස් පෙරේරා (දොඩම්ගස්ලන්ද) ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ රංජිත් ගුණසේකර (කුරුණෑගල), ආර් එම් රත්නායක (දඹදෙණිය) සහ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න(යාපහුව) අලුතින් තේරි  වු මන්ත්‍රීවරු වෙති.