(හර්ෂණ තුෂාර සිල්වා)
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතාගේ නම යෝජනා වී ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය එම තනතුර සහ තවත් රාජ්‍යතාන්ත්‍රික තනතුරු කිහිපයක් සඳහා නම් යෝජනා කර විදේශ සබඳතා අමාත්‍යාංශයට යවා ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව චන්ද්‍රප්‍රේම මහතා ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇති අතර පෙබරවාරි මස 24 වැනිදා ආරම්භ වන එම කවුන්සිලයේ 43 වැනි සැසිවාරයටද සහභාගී වනු ඇත.
දේශපාලන පත්වීම් ලැබ විදේශවල සේවය කරන ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම විදේශ සේවයෙන් රාජ්‍යතාන්ත්‍රික තනතුරුවලට පත්වූවන් පිරිසක්ද නැවත මෙරටට කැඳවීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
අදාළ තනතුරුවලට සුදුසුකම් සහිත පුද්ගලයන් කඩිනමින් පත්කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට පෙර පැවැසීය.
මහාචාර්ය වෛද්‍ය එම්.ඩී. ළමාවංශ මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත්, මනෝරි උණම්බුව මහත්මිය ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ධුරයටත් පත්කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.

