(තිළිණි ද සිල්වා)
විදේශීය ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ජුවාන් පැබ්ලෝ බොලොස්කි මහතා නිල සංචාරයක් සඳහා ලබන 3 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ඔහු මෙරටට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කරයි.
පැබ්ලෝ බොලොස්කි මහතා ලබන 11 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විදේශ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජුවාන් පැබ්ලෝ මහතා පැවසූයේ මෙරට විදේශීය ණය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් කිරීමේ අරමුණෙන් මෙම සංචාරය සිදු කරන බවයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය, ඊට අදාළ ප්‍රතිපත්ති, මානව අයිතිවාසිකම් පූර්ණ ලෙස භුක්ති විඳීම මෙම සංචාරය තුළදී ඔහු විසින් අධ්‍යයනය කිරීමට නියමිත අතර ඒ සඳහා මෙරට රජයේ නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද ජුවාන් පැබ්ලෝ මහතා කියා සිටී.
ලබන 11 වැනිදා ඔහු කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිතය.
සිය ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඔහු ලබන වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.

