එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ නැහැ
ප්‍රගීත් එක්නැලිගොඩ වෙන රටක ජිවත් වෙනවා වියහැකි යැයි තමා එතැනදී පැවැසුයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් අනුව යැයි ද ඔහු ජිවත් වනවාද නැද්ද යන්න නොදන්නේ යැයි ද හිටපු නීතිපති හා ඇමැති මණ්ඩල ප්‍රධාන උපදේශක මොහාන් පීරිස් මහතා හෝමාගම මහේස්ත්‍රාත් අනුර සුමිත්පෙරේරා මහතා ඉදිරියේ සාක්කි දෙමින් අද පැවැසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන්වූවන් පිළිබඳව සමුළුවක් අමතමින් එක්නැලිගොඩ වෙනත් රටක ජිවත්වනවා විය හැකියැයි මොහාන් පිරීස් විසින් කැරුණු ප්‍රකාශයෙන් පසුව එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍ය ඔහු සාක්කියට කැඳවන ලෙස උසාවියෙන් ඉල්ලා සිටියාය. ‘ඔහු ඉන්නවා ද නැද්ද මා දන්නේ නෑ. දෙයියෝ තමයි දන්නේ. ශ්‍රී ලංකා රජයවත් නොදන්නවා ඇති‘ යනුවෙන් පීරිස් මහතා සාක්කි දෙමින් කියා සිටියේය. පස්වරු 1.30 සිට පැය එක හමාරක් පමණ හිටපු නීතිපති සාක්කි දුන්නේය. පැමිණිල්ල ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේ නැත.

