එක්දින තරග දෙකට අතිරේක දින වෙන්කෙරේ


ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සිවුවැනි සහ පස්වැනි එක්දින තරග සඳහා අතිරේක දින වෙන්කිරීමට තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි. මෙම එක්දින තරග දෙක හෙට (16 වැනිදා) සහ 18 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විට දෙපිල අතර එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ.