(රොමේෂ් මධුෂංඛ)
වව්නියාවේ ස්ථාන තුනක දී සිදුවූ ඝාතන 3 කට වරදකරුවන් වූ පස් දෙනකුට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් මහතා විසින් මරණ දඬුවම නියම කරනු ලැබූහ.
මරණ දඬුවම ලැබූවන් අතර එකම පවුලේ තිදෙනෙක් ද වෙති.
වව්නියාව සුන්දර පුරම් ප්‍රදේශයේ තරුණයෙකු පියා සහ පුතුන් දෙදෙනා එක්ව ඝාතනය කිරීමත් වව්නියාව මුන්රිමුරිප්පු ප්‍රදේශයේ බිරිඳ විසින් සැමියා ඝාතනය කිරීමත් වව්නියාව ශාස්ත්‍රී කූලාං කුලම් ප්‍රදේශයේ තරුණයකු විසින් කාන්තාවක් ඝාතනය කිරීමත් යන සිදුවීම් වලට වරද කරුවන් වූ පස් දෙනෙකුට එසේ මරණ දඬුවම් නියම කෙරිණි.
කුට්ටප්පන් වේලායුධන් (63), වේලායුධන් දිනේෂ් කුමාර් (31) හා වේලායුධන් මනෝජ්රාජ් (27), ජයකොඩි ආරච්චිලාගේ රෝහිනි දමයන්ති (45) සහ විශ්වනාදන් කනකමනෝහරන් යන අයට එසේ මරණ දඬුවම් නියම විය.

