එක ලෙඩක් මදිවාට තව ලෙඩක් දා ගනී


කොළඹ වංචා විමර්ශන අංශයේ සැරයන්වරයකුට දුරකථනයෙන් බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය. භාණ්ඩ ලබාගෙන රුපියල් ලක්ෂ 13කට අධික මුදල් වංචා කිරීමේ සිද්ධියක ඇප ලබා සිටින බොරැල්ලේ පදිංචි දිනේෂ් දර්ශන පොලිස් සැරයන් ආර්. එම් රත්නමලල මහතාට මෙලෙස තර්ජනය කර ඇති බව කොළඹ වංචා විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විමලසේන මහතා අධිකරණය වෙත දැනුම් දුන්නේය.