(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 60 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන මෙම විශේෂ ගුවන් යානය අද උදෑසන 8.22 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානයෙන් පැමිණි මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ තුළ දී පී.ආර්.පරීක්ෂණ සඳහා ලක් කෙරුණි.

