එංගලන්තයට එන අයට පිං බෙහෙත්
මහා බි‍්‍රතාන්‍යයට පැමිණෙන සියලූම විදේශිකයන්ට මින් මතුවට නොමිලේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට හැකි වන පනතක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇත. මීට පෙර පැවැති නීතිය වූයේ එරටට එන විදේශිකයන් වෛද්‍ය වියදම් දැරිය යුතු බවයි. නව නීතිය ගෙන ඒමට හේතු වී ඇත්තේ එරටට පැමිණෙන විදේශිකයන් අසනීප වූ විට නොමිලේ ප‍්‍රතිකාර නොකළහොත් මානව අයිතිවාසිකමක් කඩ කළා යැයි චෝදනා කිරීමට ඇති ඉඩකඩයි. මෙම නීතිය හේතුවෙන් නොමිලයේ වෛද්‍ය සත්කාර ලබා ගැනීමට ලෝකයේ අනෙකුත් රටවලින් ”ලෙඩ සංචාරකයින්” එංගලන්තය වෙත පෝලිමට එන්නට පටන් ගනිතියි භීතියක් ද පවතී. බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු කිහිප දෙනෙකුම මේ ක‍්‍රමයට විරෝධය දක්වා අගමැතිට ලියුම් ලියා ඇත.
පෞද්ගලික අංශයේ රෝහල්වලට මෙම නීතියේ බලපෑමක් නැත.
ඔවුන් කියනුයේ දැනට එංගලන්තයේ පදිංචිකරුවන් ඕනෑ එපාකම් පිරිහැමීමට තරම් වත් පහසුකම් හෝ ඉඩ කඩ නැති තරමට දුර්වල තත්ත්වයකට වැටී ඇති එංගලන්තයේ මහජන සෞඛ්‍ය සේවයට මෙය කිසිසේත්ම දරා ගත හැකි නොවන බරක් වන බවයි.

