එංගලන්තය ලකුණු 9 කින් ඕස්ටේ‍්‍රලියාව පරදවයි
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති පුහුණු තරගයෙන් එංගලන්ත පිල ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය.
එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 6 ට 172 (ඇලෙක්ස් හේලිස් 52, ලූක් වයිට් 35, එඔයින් මෝගන් 30, ජොනි බයිස්ටොව් 18, මිචෙල් ස්ටාක් 32/2, බ‍්‍රැඞ් හොග් 39/2)
ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 6 ට 163 (ෂේන් වොට්සන් 37, මයික් හසී 71, ස්ටීව් ෆින් 26/2)

