එංගලන්ත සිසුවා රෝමයට හොරෙන් යයි


ඉතාලියේ අගනුවර වන රෝමය බැලිමට ආසා හිතුණු අවුරුදු 11ක් වයසැති ඵංගලන්ත දරුවෙක් ගමන් බලපත‍්‍රයක් ගූවන් ටීකටි පතක් නොමැතිව මැන්චෙස්ටර් ගූවන් තොටුපොළේ සිට රෝමයට ගූවනින් පැමිණි පුවත ඉතාලි මාධ්‍ය වර්තා  කරයි. 24වනදා උදෑසන අවදිව තමා පදිංචි නිවස ආසන්නයේ පිහිටි මැන්චෙස්ටර් ගූවන් තොටුපළට පැමිණි දරුවා ඵහි සිට රෝමය දැකබලා ගැනිමට පැමිණේන පාසල් සිසුන් පිරිසකට මැදිව මගින් පරික්‍ෂා කිරිමේ සියලු ස්ථානයන් ද මගහැර රෝමය බලා පැමිණේන ගූවන් යානයට ගොඩවීය. ගූවන් ගමණ ඇරැබි පැයකට පසු පැරිස් ඉහළ අහසේ දි වායු පිඩනය දරගත නොහැකිව  තරමක් අසනිප වු මෙම කූඩා දරුවාගේ පිහිටට ප‍්‍රධාන ගුවන් සේවීකාව  පැමිණියාය. කාත් කවුරුවත් නොමැතිව තනිව ගුවන් ගමනක යෙදෙන මෙම දරුවා පිලිබඳ සැක සිතු ඇය ගමන් බලපත‍්‍රයත් ගූවන් ටීකටි පතත් ඔහුගෙන් වීමසීමේ දී ඵ් කිසිවක්  නොමැති බවත් තමාට අවශ්‍ය වනුයේ රෝමය දැක බලාගැනිම පමණක් බවත් ඔහු කියා ඇත. පසුව ප‍්‍රධාන ගූවන් නියමුවාගේ දැනුමි දිමට අනුව යානය රෝම ගූවන් තොටුපළට ගොඩබැස්සු සැණින් ඵහි පැමිණි පොලිසිය දරුවා පොලිස් බාරයට ගෙන මැන්චෙස්ටර් බලා පිටත්වන ප‍්‍රථම ගූවන් යානයෙන්ම ඔහු ඵහි පිටත් කළ බවත් ඵ් වන වීට ද දරුවාගේ අතුරුදන් වීම පිළිබඳව ඔහුගේ දෙමාපියන් මැන්චෙස්ටර් පොලිසියට පැමිණිලි තුබූ බවත් ඉතාලි පොලිසිය කියයි.