අදාළ ගැටලූ වලට විසඳුම් ලැබුණු පසුව සයිටම් සිසුන් එක්සත් රාජධානියේ වෛද්‍ය සභාව මගින් බඳවා ගැනීම සම්බන්ධ ක‍්‍රියා පටිපාටිය යළි සලකා බැලීමට කටයුතු කරන බවට එම ආයතනයේ අයදුම්පත් ලියාපදිංචි කිරීම් ප‍්‍රධානී රිචඩ් ඒමිසන් මහතා තහවුරු කර ඇතැයි මාලබේ සයිටම් ආයතනයේ කළමනාකාරීත්වය පවසයි.
මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සභාව මාලබේ සයිටම් ආයතනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සයිටම් ආයතනයේ කළමනාකාරිත්වය පවසනුයේ මෙම ගැටලූවට අදාළ නෛතික හෝ වෙනත් කරුණු තීරණය කිරීමට තමන්ට හැකියාවක් නොමැති නමුත් ශ‍්‍රී ලංකා රජය හෝ වෙනත් නීතිමය ආයතනයක් මගින් ලබාදෙන තීන්දුවකට අනුව කටයුතු කිරීමට තමන් පියවර ගන්නා බව එරට වෛද්‍ය සභාව සයිටම් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවයි.
තම උපාධිධාරීන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ලියාපදිංචිය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන බවත් එය වැළැක්වීමට මැදිහත් වී ඇත්තේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව බවත් සයිටම් නියෝජ්‍ය සභාපති හිමාලි ජයතිලක මහත්මියගේ අත්සනින් යුත් නිවේදනයේ සඳහන්වේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව දන්වා එවූ ලිපිය පිළිබඳ ලංකාදීපය කළ විමසුමකදී සයිටම් ආයතනය කියා සිටියේ එම ලිපියේ පිටපතක් ලැබෙන්නට සලස්වන බවයි. නමුත් එය මෙතෙක් ලැබී නැති අතර එය ලැබුණු වහාම මෙහි පළ කෙරෙනු ඇත.


