එංගලන්ත වීසා නීතියේ වෙනසක් වෙයි


බ්‍රිතාන්‍යයට යෑම සඳහා අන්තර්ජාලය ඔස්සේ වීසා බලපත් ලබා ගැනීම සඳහා වන ගාස්තුව ඇමෙරිකා ඩොලර්වලින් මාස්ටර්කාඩ් වර්ගයේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පතකින් ගෙවිය යුතු යැයි කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මේ වැඩපිළිවෙළ 2014 ජනවාරි 14 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බව ද මහකොමසාරිස් කාර්යාලයය කියයි.

එසේම වීසා බලපත් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමේ දී දත්ත ඇතුළත් කර අන්තර්ජාලය ඔස්සේ එම වීසා බලපත් ලබා ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයය සඳහන් කරයි.

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න - බ්‍රිතාන්‍ය මහා කොමාසරිස් කාර්යාලයයේ වෙබ් අඩවිය