එංගලන්ත පිලට වසර 28 කට පසු ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක්


ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැති සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන්වීමත් සමග එංගලන්තය 2-1 ක් ලෙස ටෙස්ට් තරගාවලිය ජය ලබමින් වසර 28 කට පසුව ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයක් ලැබීය. සිවුවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (17) තරගය අවසන් වන විට එංගලන්තය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 352 ක් රැුස්කර සිටියේය. එංගලන්තය පළමු ඉනිම  ඕවර 145.5 කදී සියලූ දෙනා දැවී 330 සහ දෙවැනි ඉනිම  ඕවර 154 කදී කඩුලූ 4 ට 352 (නික් කොම්ප්ටන් 34, ජෙනතන් ට්‍රෝට් 143, ඉයන් බෙල් නොදැවී 116, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 99/2) ඉන්දියාව පළමු ඉනිම  ඕවර 143 කදී කඩුලූ 9 ට 326