එංගලන්ත පළමු ඉනිම 330 යි


ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැත්වෙන සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (14) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටියේය. පළමු දිනය අවසන් වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටි එංගලන්ත පිල ලකුණු 330 කට සීමාවිය. දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට විරාට් කෝලි (නොදැවී 11) සහ මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 08) පන්දුවට පහර දෙමින් සිටියහ. එංගලන්තය පළමු ඉනිම  ඕවර 145.5 කදී සියලූ දෙනා දැවී 330 (ජෙනතන් ට්‍රෝට් 44, කෙවින් පීටර්සන් 73, ජෝයි රූට් 73, මැට් ප‍්‍රයර් 57, ගේ‍්‍රම් ස්වාන් 56, ඉෂාන්ත් ශර්මා 49/3, රවින්ද්‍ර ජඬේජා 58/2, පියුෂ් චවුලා 69/4) ඉන්දියාව පළමු ඉනිම  ඕවර 41 කදී කඩුලූ 4 ට 87 (ගෞතම් ගාම්බීර් 37, චෙටෙෂ්වර් පුජාරා 26, විරාට් කෝලි නොදැවී 11, ජේම්ස් ඇන්ඩසන් 24/3)