එංගලන්ත නායක ස්ට‍්‍රවුස් ක‍්‍රිකට් පිටියට සමුදෙයි


එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් පිලේ නායක ඇන්ඩෘ ස්ට‍්‍රවුස් හදිසි තීරණයක් ලෙස ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව නිලවශයෙන් අද (29) නිවේදනය කළේය. ස්ට‍්‍රවුස් ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන සියලූම අංශවල ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් සමුගෙන තිබේ. එංගලන්ත ටෙස්ට් පිලේ නායකත්වයට එක්දින පිලේ නායක ඇලෙස්ටියාර් කුක් පත්කළ බව එංගලන්ත සහ වේල්ස් ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.