(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙළ සැප්තැම්බර් මස 5 වැනිදා ජනගත කෙරෙයි.
සැප්තැම්බර් මස 6 වැනිදාට යෙදෙන එක්සත් ජාතික පක්ෂය හැත්තෑ පස් වන සංවත්සරයට සමගාමීව අනාගත දේශපාලන වැඩපිළිවෙළ මෙලෙස එළි දක්වනු ලබයි.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය කරන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂ ක්‍රියාකාරීන් සැප්තැම්බර් පස් වන දින පැවැත්වෙන සංවත්සර සැමරුමට එක් කරගැනීමට මේ වන විට විධිවිධාන යොදා පවතී.

