මාරාන්තික කොරෝනා වයිරසය මැඬීම සඳහා ගෙන යන සටනේ දී ජනතාවගේ අයිතිවාසිකම්වලට ගෞරව කරන්නැයි ද ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ අද (6) ප්‍රකාශ කළාය.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයට ප්‍රතිචාර දක්වමින් බලධාරීන් සීමා පනවමින් නගර වසා දමමින් නිරෝධායන ක්‍රියාවලි ආරම්භ කර ඇති බවත් එම ක්‍රියාමාර්ග ගැනීමේදී ජනතාවගේ අයිතිවාසිකම්වලට ගෞරව කළ යුතු බවත් එම අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත් මහ කොමසාරිස්වරිය කීවාය.
එම ක්‍රියාමාර්ග ගැනීමේදී ජනතාවගේ ජීවනෝපායවලට අනවශ්‍ය ලෙස බාධා එල්ල වීම වැළැක්වීමට පියවර ගන්නැයි ද ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණු සඳහන් කර ඇත.
කොරෝනා වයිරසයට එරෙහිව පියවර ගැනීමේ මානව හිමිකම් ආරක්ෂා කරමින් එම පියවර ගන්නැයි ද එහිදි අවශ්‍ය සහ අවදානමට සරිලන පියවර ගන්නැයි ද ඇය තවදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත.
ඒ.එෆ්.පී.
(055)

