ඌව පළාත් සභාවට තරග කරන එක්සත් පක්ෂයේම කණ්ඩායම් දෙකක් අතර මොනරාගල නගරයේ පැවැති ගැටුමකදී අපේක්ෂකයකුගේ පුතකු වන තරිදු සම්පත් ජයසුරිය (28) පිහි ඇනුමකට ලක් වී රෝහල්ගත කරනු ලැබීය.
ඔහුගේ අතකට හා උරහිසට තුවාල සිදු වී ඇතැයි පොලීසිය කියයි.
රෝහලේ දී ඔහු සැත්කමකට ලක් කැරිණි.



