ඌව පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදීමට නියමිත අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කොළඹ මරදාන ඩාර්ලි පාර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද සිට පැවැත්වේ.
අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාය.
ඒ එච් එම් ෆවුසි, අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරු ද සරත් ඒකනායක ප්‍රධාන අමාත්‍යවරයා ද එහි සෙසු සාමාජිකයෝ ය.
හිටපු ඌව ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද, පරීක්ෂණයට පැමිණි අතර සෙසු අපේක්ෂකයෝ ඔහු වට කර ගනිමින් සුබ පැතූහ.
අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතාගේ පුත්‍රයා වන උදාර ද එහි විය.



