ඌව සභාවේ ඇමැති පැමිණීම අන්තිමයි.
ඌව පළාත් සභාවේ ඉකුත් ජනවාරි සිට ජුනි දක්වා මූල් හය මාසයේ පැවැති සභාවාර 14 න් දහයකට මන්ත‍්‍රිවරු නොපැමිණිම හා යෝජනා නොමැතිවීම නිසා අවලංගු කිරීමට සිදුවූ බව ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාල පවසයි.
ආණ්ඩුකාර කන්ද මැතිව් මහතා මේ තත්ත්වය අවධානයට ලක්කරමින් පළාත් සභාවේ සභානායක හේමා රත්නායක මහත්මිය වෙත ලිපියක් යැවීය.
එක් ඇමැතිවරයකු එක් වරක් පමණක් පැමිණ ඇති බවද බොහෝ අමාත්‍යවරුන් සහභාගි වී ඇත්තේ සභාවාර දෙක තුනකට පමණක් බවද මේ තත්ත්වය මහජන මුදල් නාස්ති කිරීමක් බවද මැතිව් මහතා පවසයි.

