ඌව පිල කඩුලූ 8 කින් බස්නාහිර පරදවයි
ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වූ අද (12) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති දිනයේ දෙවැනි තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල කඩුලූ 8 කින් තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල පරාජය කළේය.
බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 136 (තිලකරත්න ඩිල්ෂාන් 56, ජීවන් මෙන්ඩිස් 34, කැමරන් බොර්ගස් 19, ජේකබ් ඕරම් 16/3, දිල්හාර ප‍්‍රනාන්දු 17/5)
ඌව නෙක්ස්ට් පිල ඕවර 18.2 කදී කඩුලූ 2 ට 139 (උපුල් තරංග නොදැවී 65, ඩිල්ෂාන් මුණවීර 21, භානුක රාජපක්‍ෂ 19, ෂොයිබ් මලික් නොදැවී 31)

